උමාවගේ ඔසරි පොටින් ඇද බිම හෙලූවා
දුටුවෙද සබඳේ නැතහොත් උපැසද අරුමේ
අහසත් ගිනිලා වනපෙත් බිඳලා
පාගන්නට එපා තිබ්බෙ “තහනම්” කියලා
පෙන්නා සිහිනයක් ඔන්න බද්දට දීලා
වැවට කිඹුලන් දමලා ගමට කම්බිත් ගහලා
ඒදඬු බිඳ සංවර්ධනෙ නොරටුන් උදෙසා
වනඅලියනි අපි හවුලේ අඬමුද එක්වී
හෙට ඉදිවන නවලෝකය මේකද නපුරූ
කණකොක් සුද අඳුනගන්නේ කවදද නුඹලා
දෙනෙතට පෙනෙනා සිහින තාරකා
අහසට නැගලා නෙලතී රූප නාලිකා
දෙපසට බෙදිලා තියපු ලංසුව සලකා
කොයි රටටද දීලා දැම්මෙ සළකුණ සිරිපා
තවමත් අපි නැතිද හෙව්වෙ අපි කෝ කියලා
එක්වී වැනසෙන්නට පෙර රොක්වී විමසා
මැකිලා ගිය හටන් කවිය ආයෙත් ගයලා
දෑකැති ගෙන වරෙන් මලේ මායිම් රකිමූ
අපි සරණාගත දවසට යන්නේ කොතැනා
මේ බිම හෙට නැතිවනතුරු නින්දෙද තොපිලා