මල්සරෝ තෝ පලෝ

වේදනා දෙන බැඳීමයි දුක
මල්සරෝ
තෝ පලෝ
එපා අහලක දකින්නත් ආයේ
පලනවා තොගෙ දුන්න විද්දෝතින්
මල්සරෝ
තෝ පලෝ

විද්දා විද්දාමයි සැකක් නෑ
පැටලුණා දැවටී
උන්නා උන්නාමයි නිමක් නෑ
හේතු නැති කරුණූ
මල්සරෝ
තෝ පලෝ
එපා අහලක දකින්නත් ආයේ
පලනවා තොගෙ දුන්න විද්දෝතින්
මල්සරෝ
තෝ පලෝ

ඇන්දා ඇන්දාමයි කියද්දී
සන්තකේ හිඳුනා
මන්දා මන්දා දැන් බලද්දී
ගොන්කමේ මහිමේ
මල්සරෝ
තෝ පලෝ
එපා අහලක දකින්නත් ආයේ
පලනවා තොගෙ දුන්න විද්දෝතින්
මල්සරෝ
තෝ පලෝ

තට්ටෙ තට්ටේමයි බලද්දී
කෙස්ගසුත් ගිලිහී
ගෙවිලා ගෙවිලා ගොස් මාරකේ
හෙනහුරා ගෙවිලා
මල්සරෝ
තෝ පලෝ
එපා අහලක දකින්නත් ආයේ
පලනවා තොගෙ දුන්න විද්දෝතින්
මල්සරෝ
තෝ පලෝ

වේදනා දෙන බැඳීමයි දුක
මල්සරෝ………..