චන්දා චන්ද්‍රාවන් චන්දා

චන්දා චන්ද්‍රාවන් චන්දා
වලාවෙන් වැසී යන නොපෙනී
සඳගිර අද සසලයි
පා බැඳි රසුදැල් හඬනා වෙනසට
හදගිර ගිනි මොලවයි

හදගිර අද සසලයි
සඳගිර අද සසලයි
හදගිර ගිනි මොලවයි

ගිම්හානෙට ගිනියම් සඳගිර මත
තණපත් එලූ ලෙසේ
හද විදලා ලූ කින්නරපති මා
මැලවෙයි දැවී එසේ

ලයේ ගලන ලෙය රිදුනේ නෑ
නුඹේ කඳුළු විලසේ

හදගිර අද සසලයි
සඳගිර අද සසලයි
හදගිර ගිනි මොලවයි

බෙයඳේ ගිනෙරද මැලවෙනු හොඳ නෑ
හද මල පෙලූ ලෙසේ
ලෙන් හැරදා යව සුනෙර ගිරට අද
තනිවෙනු වනේ කෙසේ

මගේ මියෙන හද දැනුනේ නෑ
නුඹේ දැවෙන හද සේ

හදගිර අද සසලයි
සඳගිර අද සසලයි
හදගිර ගිනි මොලවයි

චන්දා චන්ද්‍රාවන් චන්දා
වලාවෙන් වැසී යන නොපෙනී
සඳගිර අද සසලයි
පා බැඳි රසුදැල් හඬනා වෙනසට
හදගිර ගිනි මොලවයි

හදගිර අද සසලයි
සඳගිර අද සසලයි
හදගිර ගිනි මොලවයි