පාවුනා…..
ඈත ආකාසයේ……
පසුකලා රෑණ සියොතුන් තොසේ
ලංවුනේ නොදන්නා ඉමකදෝ
මා කොතැනදෝ මුල්වරට ජීවිතේ
බිඳී විසිර යයි සැලී වලා කැට මා ගත පුරා
දැනේ තරු කැකුළු වැදී උනුසුම්ව යාවී ඇදී
හුස්ම ලය පුරවනා නැවුම් සුළඟේ
ගතේ දා විලැලෙනා අයුරු අරුමේ
නුහුරු සිතුවිල්ල නුහුරු තැන් සොයයි
හද විජිතයේ
දැනේ මදහාස මුවේ නොදැනීම
සතුටයි
හද නැලවෙතේ
සයුරු ඉම පසුකලා මතක අමුනා
බිඳීලා කැලතෙනා රලද පිනි සේ
නුහුරු පිනිකන්ද නුහුරු ගිනිකන්ද
එකිනෙක ගැටී
දැනේ ලය තුලට ඇදී නොදැනීම
මිහිරයි
හද සැනසෙතේ