කෝඩුකාරයා

කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා

ඈත ඈත ඇවිද ඇවිද
මෑත මෑත හොරෙන් බලනවා
උරුහන් බානවා
කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා

පාට පාට හීන මවන්
රෑට රෑට සින්දු කියනවා
අරුතින් අඟවනා
කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා

තෝර තෝර මාල වලලු
ඕනෙ නේද කියල අහනවා
වෙන උන් නොතකනා
කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා

ගැනල ගැනල දවස් ගැනල
වයස හරිලු කවිද ලියනවා
තවමත් උමතුවී
කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා

නැගල නැගල පියගැටපෙල
දොරකඩ ළග තට්ටු කරනවා
මගෙ හිත කළඹනා
කෝඩුකාරයා
නුඹ මගෙ කෝඩුකාරයා