ප‍්‍රජාපතී ගීතය

සර්ව නමෝ
සර්වරූපී සර්වශක්තී සර්වනාරී අංගධාරී
සර්වභක්තී සර්වභූමී සර්වකාලී සිංහදේවී
සර්වකාලෝ සර්වගුණ: සර්ව ලංකා මෙහෙසුනී
සර්ව මොහනම් සර්ව ශොබනම් සර්වමංගලම් සපත්නී
සර්ව සූර්යෝ සර්ව චන්ද්‍රෝ සර්ව තාරෝ සර්ව ධාරෝ
සර්ව පෙරුමන් සදා සපිරූ
දේහිනී, ප‍්‍රජාපතී

අනෝතත්ත විල ඉවුරේ ගිගිරි සැලෙන්නා
ගිගිරි සැලෙන්නා නදකර ඩමරු වැයෙන්නා
ඩමරු වැයෙන්නා ලන්¥ පාද තබන්නා
පාද තබන්නා සුරඟන විමන මැවෙන්නා

මලිනා පිපි ලියෙනා ගෙති රුවිනා රුති අලකා වෙති
මැවෙනා සිරි රඟනා විරි පෙලිනා වෙති අසුරා පුති
මැදිනා ගිරි දිලෙනා නිති සැලෙනා සරි නදිනා මිණි
වැසුනා පුර සඳු නෑ අද පැරදුනා වගේ

වෙස්සවන දුවාලා ගෙල නීල මාල මාලා
තිස්සෙ දින රඟාලා බල දා බිඳුත් නැගීලා
දස්සකම අසාලා හෙල නේක නෙර්ත ලීලා
බැස්ස හිරු ගිලීලා විල පාන සඳ සොයාලා

පාන විට දුරින් රිවි නෙත සුබ ලකුණු ඇෙඟ් පෙනුනා
මාන පිට තෙදින් කුල බල රකින ගුණ හැෙඟ් සොඳිනා
හීන බිඳ සුරන් සමගින් බෝසතුන් කුසේ දරනා
ගේන පෙර කුසල් සමකොට තිබුණි ගත ඇගේ තෙදිනා

ප‍්‍රජාපතී……..මහදේවී……………………………..

ගනමේකුළු බැඳි රන්දම් මිණිදම්
පිරුවට ගෙතිලා වැනි සඳකැන්
පළමුව දුටුවා මායා දේවින්
වරම්ගලේදී පෙම් අන්දම්

දුම්බර මිටියාවත සැරසෙයි දැන්
පන්තිස් රාගම් හඬදී රැව්
කිඹුලාපුරයේ දුන්දුභි ගුම් ගුම්
කොලිය පුරෙන් එනවා බිසවුන්

යුගයක අරගල බිඳ බිඳ දෙපසින්
එකම මගුල් පෙරහැරකට වන්
අසුර බලේ යලි සවිබල ගනිමින්
කොමළ ළඳුන් මැද නව සඳ වන්

දිඹුලාගල ගම්පොළ රජ සේනා
විරාට පංචල හද පානා
තැන තැන ගුණ ගණ සුබසෙත ගේනා
දෙපස යසස් ගුණමය පේනා

දෝලාවෙන් ගෙනයාවී කැන්දන්- සුදොවුන් පතිනිය වී ඒ අබිමන්
දෝසතරෙන් ගැලපුනු කල සීහුම්- මහදේවී පතිකුළයට යති දැන්
සැවුල් සිංහ ධජ සූරිය ලකුණා- මෙතුන් හෙලේ නව යුගයක අරුණා
භද්‍ර කල්පයේ සිවුවන යුග දැන්- එළඹෙයි සිවුකොන තද් දිත් තොන් නන්

සිත සනසා සිත නිවනා සිතෙන් සිතී
ගත මතුදා එන සුතනා බැතින් පැතී
නෙත පියෙනා මත සිහිනා රැයෙන් වෙතී
වත ධවලා පුත ගජිඳා කුසෙන් යතී

ඒ සිහිනා රෑ කියලා උදෙන් ඇසී
සී මැදුරා ඒ අසලා තුටින් විසී
කී විලසා ගී කියනා සියොත් අසී
වී පුණු දා ඕ සනහා මවුන් රිසී

හන්තානෙන් මීදුම් සළු අරන් රුතී
සුර මගධෙන් ඇල්වී සිඹ සුළං එතී
පරනිම්මිත නෑයන්ගේ කැවිලි කතී
පුර සක් රජ එහි වසනට වරම් දෙතී

කලා සපිරි සඳ මෝරා වැඩෙන්නා
ඇඹුල් ඇඹේ අඹවල පැණි උනන්නා
දඹුළු රටේ නිල් මානෙල් පිපෙන්නා
බිරණි මැදුරෙ සතියක් කල් ගෙවන්නා

ගන්ධාරේ මල් පිපුණා සුවඳ මනා
චිත්තල ගිර පෙර ලෙස කහ කර පිරුනා
දෙහිගොල්ලේ සැතපෙන යහනකි සුවෙනා
කෝසලයෙන් ගැල් නැගිලා නෑයො එනා

සයංජාත බත රන්තලි පිරෙන්නා
කසී සළුද නව සඳකට වියෙන්නා
වෙසක් මහට දින හෙමිහිට ගැනෙන්නා
දෙමාපියන් රැකවරණය සොයන්නා

බැඳි කොප්පර දෙපසින් දිලෙනා පහනේ
මඟ හෙළි කර මඟ හැඩකල අයුරු පෙනේ
වේරගංතොටේ සෙත් මඩු නටන දිනේ
කඳන්හේන පසුකර නද දුරට දැනේ

සලා පින්න සඳ හෙමිහිට ඉවතට යාවී
උදා හිරුද රැස් අඩුකර වෙහෙස නිවාවී
බඹරගලදි සල් වන මැද සුළඟ හමාවී
වළා මැදින් නවසඳ හෙළ බිමට බසීවී

චන්දෝ මා බිලිඳේ……… මහමුනි මහමුනි මාමිනියේ…….
චන්දෝ මා බිලිඳේ……… මහමුනි මහමුනි මාමිනියේ…….
චන්දෝ මා බිලිඳේ……… මහමුනි මහමුනි මාමිනියේ…….
චන්දෝ මා බිලිඳේ……… මහමුනි මහමුනි මාමිනියේ…….

සැවුලනි උදයෙද කොවුලනි දහවලෙ රෑහින් රෑයම මුමුනන්නේ
වසරින් දෙදහස් ගණනක පෙර සිටි පින්බර මවකගෙ ගුණ වන්නේ
අහසින් වැටුනත් පොළවෙන් ගැලූවත් හැම දියබිඳුවම පිරිතක්නේ
ගුණමය තතුමය වැනුමය එකමයැ ඒ නුඹ ගැනමය එකවැන්නේ

නන්ද නන්ද පුතු සිද්ධ සිදත පුතු දෙපසින් රැකවල මැද සිටිනා
හෝවිල් යහනේ මව්දෙවි ගීතය කූරගලින් පහලට ඇදෙනා
කපිල පුරෙන් වෙද කම්සභෝජ වෙද අසුරපුරේ පින් ගඟ ගලනා
යුග යුග වැයෙනා පෙම්බර මව් ගුණ සඳේ සිසිල් රැස් ලෙස පෙරෙනා

උදේ නටන මොනරුන්ගෙන් අහපන් පිල් මත රසබර පුවත් එබූ
වනන්තරේ සල් තුරින් තුරට ගොස් ඇත්ත සොයාපන් එසේ තිබූ
වෙසක් මහේ ඇයි මෙතරම් පලබර කියා බලාපන් නැකත් ලැබූ
උසින් උසේ හිමවතේ සමනොලේ ඉර සේවේ මවු ගුනෙන් තැබූ

බින්තැන්නේ බිම ගංගානම් රෝහිණියේ මැතිරෙයි මිහිරි කතා
මාලොකුවා මාමිනිගේ මෝ ඈ සළුකන්දේ සළුපිළිද ඇතා
නද දෙන්නේ සිත හේවිසි දවුලූත් රණබිම මැද කග වරළෙ ඔතා
සටනට වන් ඈ සටනෙහි රුපු බිඳි මහදේවී වෙන කවර කතා

වෙසමුණි පිය මව් සෝමාදේවී සුමන පරපුරක සෝවුරනේ
අතරගිරෙත් නැති මද්දාවෙත් නැති රැකවල වනයේ ඔහුට තැනේ
අනවතප්ත සුව බුද්ධ වලව් නොව වනවාසල් අතහරින දිනේ
කුමට දරන්නද සක්විතිකම් අද- හෙට ලෝ නායක ඔහුය දැනේ

පින්කෙත් වපුරන සසරින් නික්මෙන සැබෑ මාවතක් සොයන පුතුන්
අරහත් ධජයේ ශක්තිය බලපන් සිවුහෙළ බලයම රකින පුතුන්
සතර දෙසින් වර බෝමැඩ බලපිය නරසිහ නරනා වීර පුතුන්
අහසත් පොළවත් අතරෙහි හෙළ බිම බුදුවේ නම් ඒ මගේ පුතුන්

බුද්ධං බුද්ධ බුද්ධ හෙළයේ
බුද්ධං බුද්ධ බුද්ධ බලයේ
බුද්ධං බුද්ධ බුද්ධ නමිනේ
බුද්ධං බුද්ධ බුද්ධ මවුනේ

බුද්ධං බුද්ධ බුද්ධ ගණ මේ
බුද්ධං බුද්ධ බුද්ධ බණ මේ
බුද්ධං බුද්ධ බුද්ධ අණ මේ
බුද්ධං බුද්ධ බුජ්මො දෙවිනේ

යුගයක මෙහෙවර නිමා කල හෙලේ යුගයේ පතිනිය හෙළ දේවී
යුග යුග පෙරුමන් පුරා නිම කලේ සසුනේ අවසර ලද දේවී
පියවර මැන මැන සොයාගෙන මවුන් කුහරේ ගල බුදු පුතු ඒවී
පඬුපුල් අසුනෙදි දෙසූ බණ අසා සසරින් නික්මුණි මහදේවී