පෑ සිනා සොඳුරේ

පෑ සිනා සොඳුරේ……..
මහද ඒකාලෝක වී අඳුරේ……..
තනිය ගිලිහී ගියා…….
සුසුම මැකිලා ගියා……
අද මෙසේ………..
වසන්තය ලැබුවා………

රසක හැඩයක කලාවක තාලේ…..
නුහුරු වී……….
එදා මා සිටියා…….
දැනෙනවා දැන් පාටපාටින්
දස අතේ…..
පාට ගෑ නුඹෙ ආදරේ……….

කුටිය අතහැර අවන්හල් ගානේ……..
මත් වෙවී………
එදා මා තැවුනා……
ඇසෙනවා දැන් රෑට රහසින්
කොඳුරනා……
හාදුවක් වී ආදරේ………

ගඟුල සමුදුර කඳු වලා අතරේ…….
රිද්මයේ…….
නුඹේ රුව ඇඳෙනා……
දැනෙනවා දැන් හුස්මගන්නා
ජීවිතේ……….
හීනයක්දෝ ආදරේ…………

පෑ සිනා සොඳුරේ……..
මහද ඒකාලෝක වී අඳුරේ……..
තනිය ගිලිහී ගියා…….
සුසුම මැකිලා ගියා……
අද මෙසේ………..
වසන්තය ලැබුවා………