වස්සකාරා

වස්සකාරා වලා සිඹිනා සිංහලේ
නදී සිවුදොර ගලා ඇදුනා සිවුහෙලේ
ලෙනින් ලෙන මුනිවරුන් සිටියා විශ්වයේ
මහා වනමැද හුස්ම මැවෙනා මේ රටේ
මහා වනමැද හුස්ම මැවෙනා මේ රටේ

අහා ප්ලාතා සන්දරා
අරිට ශිව වෙශ විශදෙවා
තම් තනානා තම්දෙනනා
තම් තනානා තෙයි තන තා

චන්ද්‍රශෝභා දිලේ මැදුරා පෙර හෙළේ
මහාවීදී එළිය කෙරුවා දුම්බරේ
හරිශ්චන්දා බවුන්වැඩියා මැදරටේ
තිථිය තිහටම හුස්ම වැටුනා මේ රටේ
තිථිය තිහටම හුස්ම වැටුනා මේ රටේ

සහාදේවා නාශතා
සුමාලින මාලේවනා
තම් තනානා තම්දෙනනා
තම් තනානා තෙයි තන තා

රක්ඛ තේජා ඔකාවසිනේ රජකලේ
යක්ඛ දැනුමේ තෙරක් නැතිවූ සාගරේ
නාග නවිකා හෙලේ සමුදුර මුර කලේ
ඉන්දු සයුරේ හුස්ම අපිනේ සිංහලේ
ඉන්දු සයුරේ හුස්ම අපිනේ සිංහලේ

ගජානනචා කාජරා
මහාදේවා මෝරියා
තම් තනානා තම්දෙනනා
තම් තනානා තෙයි තන තා