බාරුසිය පවසන්

බාරුසිය පවසන්
බූපබූපා විස්තරේ
මහාසම්මත කපට පලමුව
සනුහරේ උරුමේ

භ‍්‍රමණ මණ්ඩලයෙන්
අකනිටා බඹ තෙක්
සුවාසූ දහසක් දනෝ හැම
අපෙන් ලද රැකවල්

තාඹුරුව පවසන්
ඕපදූපා දොස්පිරේ
කෙසේ සඳකඩ පහණේ වෙද
සෙල්මුව වරුණේ

පමණ නොමදුටුවන්
ලකපුරා පැතිරේ
එදා වෙල්ලස්සෙන් නිවී ගිය
පහන යලි දල්වන්

සෝසුසුම පවසන්
පාප පීඩා නොමකෙරේ
අනේ කිකලෙක රකුන් දකිමිද
මියෙනතුරා මේ සිහළේ