ගොයියෝ මේ

ගොයියෝ මේ බයිය පුතා
හෙට රජ කරනා
දෙයියෝ මයේ පුතුපැටියා
නැලවෙන සොඳිනා

සීනේ පුතේ මාලොකුමා
උකුලේ හිඳිනා
පානේ සඳේ බෝ සිරිමා
සිලි සිලි ඇසෙනා

පාරුවෙ නදී මහවැලියේ
මුණි බණ දෙසනා
ආනේ පුතේ නුඹ හිනැහේ
එහි සිරි දකිනා

දොයි දොයියෝ දොයි දොයියෝ
බයි බයියෝ බයි බයියෝ