කවුදෝ ආදර කතා කියනවා
මතකයෙ නුඹ යලි අසළ මෙන් දැනෙයි
කොහෙදෝ වස්දඬු හඬ පාවෙනවා
සිහිනය නින්දට පෙරම අඬගසයි
ඈත ඈත හිත අරගෙන යනවා
පාලු පාලු ලෝකෙක තනිවෙනවා
සිතුවම් සිහිනේ පාට ගන්වනා
අහසෙ තාරුකා දිලි දිලි නිවෙනා
උණුසුම නුපුරුදු සුවඳවත් කියා
සඳවත සේලෙන් මුහුණ සගවනා
ඈත ඈත හිත අරගෙන යනවා
පාලු පාලු ලෝකෙක තනිවෙනවා
කවුදෝ පා මත රසුදැල් බඳිනා
මතකයෙ නුඹ යලි සුරළ් නටනවා
කොහෙදෝ කෝමළ සිනා ඇසෙනවා
සයනයෙ තනිවම සිතුවිලි පැටලෙයි
ඈත ඈත හිත අරගෙන යනවා
පාලු පාලු ලෝකෙක තනිවෙනවා
ඈතට ඇදෙනා සීත මාරුතේ
පවස මවාදී පවසව පවසා
තතනන රාවන හතට සර මැවී
නුඹ ගැන ගී පද මටම ලියැවුණා
ඈත ඈත හිත අරගෙන යනවා
පාලු පාලු ලෝකෙක තනිවෙනවා
කවුදෝ ඒ ගී හෙමිහිට මුමුණා
තනුවද මට පෙර වයා තිබෙනවා
තනිවම ගැයුවෙමි ලොවට නෑසුනා
නුඹවත් නොදනී කවුද මා කියා
ඈත ඈත හිත අරගෙන යනවා
පාලු පාලු ලෝකෙක තනිවෙනවා