කුසිනාරාවට පහනක්

කුසිනාරාවට පහනක් අරගෙන
සිහිනෙන් පා තැබුවා
ඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබ
ඔබ හඬ මට ඇසුණා

මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන
දෙපා නමැද ඇසුවා
සවණක් බුදුරැස් පිරිනිවනට පෙර
පහනට තුති පිදුවා

තවම සිහින මැද කුසිනාරාවට
යන මං මා සොයනා
අඳුරු මගම මිස හිමි තුති පුදකළ
පහන අසළ නැතුවා