සිවුහෙළේ රණගීතය

ගුගුර ගුගුර පුලතිසි පෙළ- මුගුර මුගුර ගෙන දෑතට
නසා දැමූ රුපු එඩි බල- පෑව බලේ අසුර හෙලේ
උතුර උතුර දෑඅබිමන- මතුර මතුර පේවී පුද
සදා අපේ ලේ නෑකම- යාවු සෙනේ සිහළ දැයේ

මෙදා අසුර බලේ ලකේ දස අත පතුරා
පොලොන්නරුවෙ සුදොවුන් පරපුර ජය ලබනා
සෝබල සවිබල වඩමින යශොබල වඩිනා
පිඹලා ජයසක් සටනට වර කඩු ලෙලවා

අනුරාපුර තක්ක තකට තක තක කියලා
පීරාගෙන මුලූ රජරට එක පෙළ සැදිලා
මාතුල මුල් නෑ පිරිවර හවුලට කැඳවා
අස්සක අසරුවන් නැගේ තෝමර දරලා

මින්නේරියෙ පුල්ලිමලේ දිඹුලාගලදී
දිව්රා කී ලෙසින් මියෙමු සතුරට ලයදී
නමලි ශුමන බණ්ඩාර රජ අණ කකියන සිංහලේ
සැවුල් ධජය දැක සතුරෝ පැනයති වෙව්ල වෙව්ලා

බීඳිලා ගිය සිවු හෙළයම එක් කොට රඳවා
එනවා ගිරි පුර සිහලෙක් දෙපෙලම ගලපා
තනවා මණ්ඩප අසපන් යන මග නුඹලා
එතුමා සක්විති වෙනවා රජරට ඉඳලා