වන්දිබට්ටයිනී…..
මහරජානෝ සැපත් වෙතී………..
ගුණ ගයන්න….ගුණ ගයන්න……
සෙත් පතන්න……..
චාග රාජ චන්ද්‍ර රාජ චාරු චරක රාජ රාජ
සාර ධර්ම රකින රාජ තේජ රෝජ සක්ක රාජ
ඡේක රාජ චක්‍රපාණි චක්‍රවර්ති මෙලක රාජ
ශක්ති රාජ භක්ති රාජ සීල සත්‍ය ගුණැති රාජ
තක දින්නා කඬේ යනවැයි මෙන්නා වෙන මක්කා කලාකරුවොත් වික්කා
පන යන්නා බඩේ පණුවන් පල්ලා තව රජෙකා පලාතකවත් නැතුවා
වන්දිබට්ටයිනී…..
මහරජානෝ දැන් මැදුරෙන් නික්ම යතී………..
ගුණ ගයන්න….ගුණ ගයන්න……
සෙත් පතන්න……..
ඡන්ද බලය ගිලපු රාජ ඡන්ද ගුණ්ඩු මවන රාජ
චණ්ඩ රාජ චණ්ඩි රාජ චක්කචෝලි සිඹින රාජ
ජාති ජම්ම නසන රාජ දේසෙ පාලූ කරන රාජ
චරම කාල ගෙවන රාජ චාටුකාර චාට රාජ
තක දින්නා කඬේ යනවැයි මෙන්නා වෙන මක්කා කලාකරුවොත් වික්කා
පන යන්නා බඩේ පණුවන් පල්ලා තව රජෙකා පලාතකවත් නැතුවා
අමන රාජ කරුම රාජ අකල බකල විකට රාජ
කකුටො කාප ඉකිරි පාග ලොකු දියබරියොත් කාපි රාජ
ගිලිය රාජ මැරිය රාජ හුස්ම පලකො වතුරෙ රාජ
හුටා අන්න රජතුමා එනවෝ…….
වන්දිබට්ටයිනී…..
මහරජානෝ අන්න නාන්නෙ නැතුවම වඩිනෝ
ගුණ ගයන්න….ගුණ ගයන්න……
සෙත් පතන්න……..
චාග රාජ චන්ද්‍ර…………….