පූනන්නේ ආනෙ පුත්තරෝ

පූනන්නේ ආනෙ පුත්තරෝ
රන් පිළිරූ වාගෙ සක්කරෝ
බෝසත්කුල මුක්තහාරෙ
සෙන්පති මැද ඉන්ද්‍රඛීලෙ
රාවන්නා රෑහෙ රූබරෝ

ආසෙන් ආ ඉරු දෙයියෝ පුතුට සවිය බෙදනවාලූ
රාසෙන් රාසිං දෙයියෝ පුතුට සටන් කියනවාලූ
ත‍්‍රීසිංහළ සිංහහනූ
මානිල්මල මාගෙ පුතූ
කූවන්නා දේවි මුණුපුරෝ
පූනන්නේ ආනෙ පුත්තරෝ

දේසෙන් පිට පරසතුරෝ පුතුට බයේ ගැහෙනවාලූ
මූදෙන් මැද මේ දෙරණේ පුතුට ඔටුනු තැනෙනවාලූ
ශ‍්‍රීවිකුමැති වීර පුතූ
සූවිසිගුණ සොයන පුතූ
මාසෙන්නා චන්ද්‍රකුමාරෝ
පූනන්නේ ආනෙ පුත්තරෝ