රුවන්මාලි ථූපරක්ඛ ගීතය

සුදුනෙලූම් පුදා දෝතින් පැදකුණු කරන්නෙමී
දෙඋර දරා ඇති දෑ බර බොහොමයි අදනම් වෙහෙසයි
දෙරණ අරා සිටිනා සීහෙළ සෝණවල්ලියේ
ලොව්තුරු මහ බලේ නුඹයි ස්වර්ණමාලියේ

මෙත් වැස්සක් කඩා වැටෙනා සලපතල මලූවෙදී
හදම නිවී සැනහීයයි පුදුමයි මේ භවකතරේ

සතුරු මුලක් එනවා නසනට නුඹව හෙට දිනේ
තෝමර කඩු දරා හිඳිමි මලූව සිවුකොණේ
මා රැකගත් දැය රැකගත් හෙළේ රැකගත් මුනි රැකගත්

සෑසිරි රුවන්මාලියේ

රුහුණු රජිඳා සටනෙ ජයදා උතුම් නුවරා දෙරණ විමසා
තෙලඹු මූලේ දෙවොල සීනේ මෙතින් පහදා කරුණු පවසා
රටුන් කැඳවා පහන් දල්වා නැකත් බලලා බෙරත් හඬවා
සයක් පොලවේ යටට ගැනලා උඩත් ගැනලා අගල් කපලා
මහාථූපේ ඇරඹුනා එයින් පන්දහසක් දිනා
ජයතුරා සක් හඬ අසා ගැමුණු සක්විත්තා සිනා

පිහිටි දෙසේ චූඩ කොතේ සිවු පරිදා සවෙර තැනූ
රුවන්වැලී ථූප මලී කුසල් කොසොල් බිමෙහි පලී
ගොඩින එදා රුපුන වැදී යකුනෙ අවුජ නැසී නැසී
බිමන විදා රකුන නැබේ දියෙන නැවී නාග බලේ
මෙලෙස රැකී පොරණ දෙවී අදද ගතී සවිය හෙළේ
පුරන්දරන් ශංඛ වැයේ සුරනසුරන් එකම පෙලේ

නාලොව ඉඳලා නාග පරපුර කැඳවා මිණිඅක් රජිඳා වරුණ දෙවියන් ආවා
දනුගය සුමන නන්නික තිශ වියග දුනුදිය ඇදලා සෑයෙ අසළම තේවා
බුරුඩිය දේවා කාලි බිසොවුන් සේනා මිහිකත් කිමිදේ බලව් හලිවය ඝෝෂා
මානව උතර වයඹ පිතමා දොරණා අසුපිට ඇසතූ සෑයෙ බටහිර සීමා

රෝහණෙ ඉඳලා පෙළට වශපෙළ එනවා මල්ලද පජොතා රක්ඛ කුඹකර සේනා
සමනොළ රකිනා සුමන හිමවත් සුරිඳා උදේන කැඳවා ඇතුන් පවුරකි සොබනා
පාඨලි නුවරා ඔජක විදේහ ඌවා වම්සෙන් ආවා ඔන්න වශවත බ‍්‍රහ්මා
දෑතට දරනා කංග අහසෙහි ගැටෙනා මහඝොෂ සේනා සෑයෙ දකුණට ආවා

පෙරඹර දිලෙන මගධ රජගල රාජා එනතුරු සිටියා පුණද ශතරශ ආඥා
දතරට මුරගා පුතුන් සියයම කැඳවා සෑ මග රඳවා දෙසී බුදුගුණ බණවා
පරශර මතුරා පචින රජ පෙළ අගනා නමළිය සුබලා ඇදෙයි සෑමග සීමා
අමතක කරලා පරණ තරහද මරහා රට ගැන හිතලා තුබේ පෙරදිග එඩිපා

වෙශමන තේජා සක්ක ශමුදහ සෝබා පලිකද පුතනා හරුම උතුරට දේවා
මහකල්සේනා තක්ක ශොම මලි භීමා රිටිගල් සෝණා දඹුලූ සෙන්පති පේනා
සිහගිරි නුවරා ජවය කලූදිය පොකුණා හබරණ කශබා චුඩික මචුඩික භූපා
සුර රජ ආදා සතර වරමට දිව්රා යලි බල ගන්වා පනත ආටානාටා

කකුසඳ මුනිඳා එදා බදකප මුලටා හෙළබිම තැනුවා සසුන එය අප රැක්කා
කොණගම බුදනා එදා තාරක අසුරා රුහුණට කන්දා සමග අප රට රැක්කා
කසුප් තිලොනා රමද රාවන සේනා අස්සක නෑරා සසුන අප සැම රැක්කා
එකලෙස සිතනා හෙළේ අටවිසි හෙළයා බෙදුනත් කිසිදා නොයයි අබිමන හැරදා

රජපෙළ පොරණා ගොයුම් අප මුනි සරණා යලි ගුණ සලකා සෑය රකිනට ආවා
ඉඟියක් ලැබුණා රුවන්මාලිය බිඳලා පරයන් මෙදිනා එනවා මුනි දෙණ නසනා
මොහොතක් නොසිතා වරෙව් රකිනට මුනිදා එහෙමයි හෙළයා දනිවු ලෝකෙට කියලා
නසපන් පරයා නිවට වහලූන් පන්නා එහෙමයි රැක්කේ සසුන් සසරෙම හෙළයා