සුන් සදා සිත් අරා
අද නෑ පෙරදා දිවි ගෙවනා
දුකම ණයට දී ගිනි පොළියම සොයනා
හීන බැංකුවද
හීන බැංකුවද
හීන බැංකුවද ජීවිතේ
සාරභූමියට
සාරභූමියට
සාරභූමියට වරෙල්ලා
මල් පිපී පරවී ගියා
නව මලින් ලෝකය සැරසුනා
සෝණ සෝණා වියපත් වෙනවා
රැවටුණා මදි රූකඩෝ
මාන බිඳලමුද
මාන බිඳලමුද
මාන බිඳලමුද ජීවිතේ
සාරභූමියට
සාරභූමියට
සාරභූමියට වරෙල්ලා
අං පවා ගිලිහී ගියා
මුතු මැණික් කෝ අද මට එපා
කණ්හදීපායනද පෙරදා
හෙළ පුරාණය ගොණු කලා
තාම දැවෙනවද
තාම තැවෙනවද
තාම දැවෙනවද ජීවිතේ
සාරභූමියට
සාරභූමියට
සාරභූමියට වරෙල්ලා