(භේරුණ්ඩා ලකුණින් දෙවොල් බෙරෙන් බහිරවකන්දෙන් සීතාවකින් කාලතිත්තයෙන් කදම්භ නදියෙන් සීමාකොට පළමුවද, සීමා බිඳ දෙවනුවද, සතර හෙළයේම රක්නා ඉර බස්නා පලාතේ සීහෙළයන්ගේ මහා ජයඝෝෂාව සමගින් අවසරයි අවසරයි අවසරෝ මහාකාල ෙභෙරව පරපුර ආ වඩන්නට අවසරෝ…..)
බුම්මඩ බ්රඩ බරණි ඩඩඩ ඩම් ඩම ඩම ඩමරු හඬට
පිප්පලි පුර සිවෙන සමග හුම් හුම් හුම් පෙරට ඇදෙන
පච්චිම හෙළ බ්රැණ්ඩි බ්රබ්රබ්ර හුස්මට හුස්මකුත් රැගෙන
අක්මට ගිනි පුලි`ගු මැවෙන ෙභෙරව කුලපතිය හෙළට
සීතාවක් කෝවිල් අරා අරා – විරාජමානා දැකුම් දැකුම්
වීදාගන් හේලී පුරා පුරා – බිම්බර කාලා නදින් නදින්
ආවෝතින් සේනා ඝටා ඝටා – භේරුඬ රාජා ගිගුම් ගිගුම්
දේසේ ජම්බූදිව් සදා සදා – මිහිපල් බහිරෝ රකින් රකින්
අලියපුරේ සලියවයේ කොලියරටේ විරටදෙසේ
නාගහෙළේ හරිතවනේ සෙකඩගලේ බගලවතේ
කිඩියමුලේ දෙවොලෙ වැයේ හටන්බෙරේ දොරණරටේ
දෙරණතල රැකුමට කපට බහිනහිර සෙනෙවිමුල මුලට
දුන්දුභිදුභි දෙදර දෙදර ධම් ධම් ධම් දෙපයෙ බරට
කල් කල කල කලිය පුතන කණ්නදි සිට දැදුරුබඩට
සෙංකඩගල සිදුරුවනට රත්මල් පුද බහිරගිරට
පුන්සඳවන් කලිය බිසව එක්වම වර නාග හෙළට
කෝණාගං කාලේ බලේ බලේ – මහසොන සොන්නා හරෝ හරා
කෝසාලෙන් ඒවී ගජානනා ගම්භිර භේරී වයා වයා
භූමීතල බේරෝ බාහිනෙය: හේහය මහීෂා ඩෙනී ඩෙනා
නූතනවුං යාවී අයාලයේ – බාරයි ඔන්නා මෙරේ නිලේ
සසර පුරා එකම වගේ දෙරණ රැකී ලෙසට රකෝ
කොඩිය උඩා එඩිය වඩා දැඩිය ඉඩා අඩිය අඩා
අටනවිසේ කුලට මුලේ පඬුරු බැඳේ උරුම බිමේ
මනුගෙ පෙළ පොරනෙ නැග නැබට රසිහ බලෙ කොළඹ විය එකළ
කුෂ්මඬනග අනුව මනව ටං ටන ටන කංග ගැටෙන
හර් හර හර මහාදේව වන් කල ඒ අණට යටව
සුන් කරලමු කටින විනය තුන්කල් දුටු බහිර රජිඳ
මං නමඳිමි දෙවොල් හතක එක් කර බෙර නගා සැරට
එකය බෙරේ නුඹගෙ සිතේ අදිටන ගනිතී
හඬන සරේ එකතු වෙයං කාලහතාලී
අයියන දෝණී පණිත ඣිත රණකාමී
අලිශනුදර මලූශදීප නාදිපවාණී
දෙකය බෙරේ නුඹගෙ ගතේ සවිබල වැඩෙතී
හඬන සරේ එකතු කරං මචුඩිකමාණ්ඞී
සක්කර ලොක්කා පණ්ඩුවශපුර රාජා
බත්තුලූඔය මල්ලූ සමග යාපහුසේනා
තුනය බෙරේ නුඹගෙ නෙතේ විනිවිද දකිතී
හඬන සරේ එකතු වුණැයි හාතනහාතී
කෝලිය තේලා තොටින් දෑකැති මානා
අටනපටකෙ දනට දීපු කෑගලූ සේනා
සතර බෙරේ සතරහෙලේ රකිනුව ශපතී
හඬන සරේ එකතු කරං කම්පිලදෝවා
උත්තර විරටා ජක්ක යක්කල යකනා
බටහිර හෙළයෝ හෙළයෙ පනනල රකිනා
පචන බෙරේ වචන නුඹේ හදවිනිවිදලූ
දෙපස රැඳේ බෙන්න කනා මජ්ජිම බම්බා
බටහිර ලොක්කා හඬට හෙළයම රැක්කා
හගරකිතට තොටට ගිහින් හක්කම පිම්බා
ශඩන බෙරේ අවිය නුඹේ දෑතට ගෙනලූ
විල්ලූද රක්කා බලව් හක්කනශෙන්නා
පුල්වන එක්කා යමව් ගවඅරි නස්නා
අටනනුවක අරිටු භංග කල කල කලනා
හතය බලේ දෙවොලෙ බෙරේ හතම වයාලූ
වරෙව් යකෝ එක්ක රකෝ ගොජගොජ රුහිරෝ
ගිනිජල්මාලා මැදින් බානුහ සුසමා
යුතුකම පුපුරා ගලයි නහරින් නහරා