ආවෙ මගුල් බෙර නදටයි

පි- ආවෙ මඟුල් බෙර නදටයි මයෙ සුදු මැණිකේ
ඇයි ඔතරම් බියෙන් වගේ දුටු විට සැලුනේ
ගැ-සමයං කවි කියන විටදි වටපිට බැලූවේ
මා දුටු විට මිතුරන්ගෙන් වෙන්ව තනිවුණේ

ගැ-ඈතින් හිඳ එබෙනු එපා අතරින් පතරේ
අම්මා ළඟ හිඳින නිසා පවසමි කෙලෙසේ
පි- කඩතිර හැර පන්දම් පද නටන ඇසිල්ලේ
දෑසින් මට කතා කරන් හිඳ එක එල්ලේ

පි- යෙහෙළියකට රහස් කියා විටක් සපන්නේ
බෙලිමල් බොන්නටයි කියා මටත් ගෙනෙන්නේ
ගැ-තනියම මුණ ගැසෙන දවස අදලූ කියන්නේ
හත්පද පෙලපාලි නටයි සමයං මඩුවේ

ගැ-අළුයම එළඹුණා තවම නින්ද නෑ නෙතේ
රහසින් මයෙ ළඟට ඇවිත් මොනවද දෙඩුවේ
පි- කුමාර තටු පුදා වැයෙයි පිං බෙර මඩුවේ
ජෝගි නටන විට අපි යමු ඇල්ල දිහාවේ