පලා යනු පුතුනේ !

පලා යනු පුතුනේ………..
සිහිය පමණක් ලග තබාගෙන
පලා යනු පුතුනේ………….

සියලු අය නොතකා………
සියලු දෙය අතැරා…………
පලා යව පුතුනේ………….

සයුරු පිහිනාලා………..
වාලුකා විඳලා………..
කුසට අහරක් ගතට නිවනක්
නැතිව දුක විඳලා…..
පලා යනු පුතුනේ……………

මිතුරු වෙස්පාලා……
සතුරො වැහිවැහැලා…..
කිසිදු මිනිසෙකු මිතුරු නොම වෙයි
තනියෙ ගුණ සිතලා……
පලා යනු පුතුනේ…….

දැනුම නුඹ දරනා……….
ධනය මගෙ පෙරදා…..
ලොවම නොදනිති ලොවක උරුමය
දිනෙක ලොව සොයනා
පලායනු පුතුනේ………..

දිනෙක සවසතටා…..
පිහිට නුඹ පමණා….
එදින ලෝකෙට ඇත්ත පවසව
ගුරුමුෂ්ටි නොතකා…..
පලා යනු පුතුනේ………….

පලා යනු පුතුනේ………..
සිහිය පමණක් ලග තබාගෙන
පලා යනු පුතුනේ………….

සියලු අය නොතකා………
සියලු දෙය අතැරා…………
පලා යව පුතුනේ………….