කිත්තානේ කිනත්තේ

( ඕම් ඉන්ද්‍රමුඛේමේලමුඛේමහානාරායනමුඛේ
උදයබ‍්‍රහ්මරූපංමධ්‍යමමහේෂ්වරරූපංසවසවිෂ්ණුරූපං
ඕම්ජයකටකටත්තවිකටමරණතරභේරියංකුජසංගීතභරණං
මමදේහනායකසිද්ධිබලංමමදේහනායකබුද්ධි බලං)

කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද සිංහළ දීපේ
පුප්පානේ පූපනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී සිංහළ නාදේ
කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ

ඩමරු බුද්ධ බෙර වයා නැකැත් කෙලින්නා
කැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නා
අනුරාපුරයේ සයංජාත කිරිබත් සැදෙනා
සමනොල සබරේ මසුරන් බත දනට පිදෙන්නා
වස්සානේ දසන්තේ රාවන තාලේ
අවුරුද්දම සතුට රැන්දු සදහම් දීපේ

නකුල දේව සේ ජවෙන් කමතෙ බමන්නා
දෙනෙත් කොනින් බලා බලා ලඳුන් ර`ගන්නා
පැරනිම දේසේ පොරනේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා
මද්දාරා මදාරා පරසතු පිපෙනා
දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා