ගයන ගීතයට මණ්ඩප නොතනා
දවසක් වැඩකර නිවසට යන්නට
අසුනක් ගන්නට පොරකනවා
අන්න රසිකයෝ
මගෙ රසිකයෝ
පුදුම රසිකයෝ
කදිම රසිකයෝ
එකෙක් දිනද්දී තවෙකෙක් කලුවේ
හිටගෙන කිරකිර සල්ලාපේ
හැමෝම එකසේ හැරී බලනවා
ඇරඹෙන විටදිම මාගේ ගී
අන්න රසිකයෝ
මගෙ රසිකයෝ
පුදුම රසිකයෝ
කදිම රසිකයෝ
හඬෙන් වසග වී විඩා නිවාලන
කීයෙන් කීයද කීයක් දෙන්නේ
ගැන්නෙ නෑ මං පින් දෙනවා
මගෙ ගින්දරත් නිවලා දැම්මේ
අන්න රසිකයෝ
මගෙ රසිකයෝ
පුදුම රසිකයෝ
කදිම රසිකයෝ
දුකට මෙහෙවරට පින්දී ගයමී
දුම්රියෙ හැමටම ඇසෙන්ට ගයමී
නුඹේ විඩාබව නිවී යනවනම්
මගේ මුවට ලේ බිඳු ගැලුවාවේ
අන්න රසිකයෝ
මගෙ රසිකයෝ
පුදුම රසිකයෝ
කදිම රසිකයෝ