මතකය අවදිවී
ආයේ කඳුලු ගලාවි
ඒ තමයි තනිකම් නිදහස
තනිකමේ නිදහස
හිතවත්කමක් වී
ආයේ සමග බැඳේවී
ඒ තමයි බැඳීම් සොම්නස
බැඳීමේ සොම්නස
කලෙකින් වෙන්වෙලා
ආයේ දුකම දැනේවී
ඒ තමයි විරහවේ දොම්නස
විරහවේ දොම්නස
කොපමණ දුකක්දෝ
ආයේ සතුට මියේවී
ඒ තමයි තනිකම් ගොම්මන
තනිකම් ගොම්මන