ගුන්ද ගුදං ගුගුඳ ගුදං ගුන්ද ගුදං ගුගුඳ ගුදං
ගෙජ්ජි හඬයි කොවුල් නදයි රබන් සුරල් එහෙයි මෙහෙයි
පුවගු වනේ ඔන්චිල්ලා පදින වෙලාවේ
ඔඩොක්කුවක් කජු ඇහිදං දුවන වෙලාවේ
කොහෝ කොහෝ ගෙජ්ජි හඬක් ඇසුනා සුබාවේ
මොකෝ මොකෝ එරබුදු මල් සතුටු සිනා මේ
ලකේගලින් රජිඳා කොග්ගලට ගියාදෝ
මීන රැසින් ගැල් නැග මේෂයට ගියාදෝ
හබරණ ගිහින් ගැල්සක ගිලිහේද අසා
රිටිගල ගිහින් නැතිවුණු මේවරය සොයා
උඩුපිල දිනන විට පත්තිනි සළඹ හඬා
හිරුදෙවි නාලන්ද ගෙඩිගේ නැකත් කලා
ගල්ගනෙ දෙවිනුවර බලා නාමල් නෙලනෙලා පුදා
නැකතට සමනොලා ගිරේ හිස තෙල් ගල්වන්ට සොඳා
දොරමඩලාවෙ හැබහින් පූපයන් ගෙනා
ඒ නාලියන් පඬුවස්පුර රබන් වයා
සුවඳැල් සුවඳ විහිදෙන කිරිබතක් තනා
හිරුදෙවි එක්ක නෑගං ඌවටත් ගියා