තටු විහිදෙන දා

තටු විහිදෙන දා දුටුවේ
පාට පාට නුඹේ සිහින
මං බයටයි හොයන්නේ රත්තරන් පුතේ
කුසේ ඉද්දි වාගේමයි දොසක් නෑ හිතේ

මග යන උන් හිනාවේවි
ඒ කිසිවක් නොඇසුණාවෙ
හිරු ගිනියමෙ කුසට ආපු පුංචි දූතයා
මගේ දරුවො අතරදි නුඹ හඳක් මයෙ පුතේ

ලෝකෙ ගොඩක් නපුරු වේවි
නුඹේ හීන අඳුරු වේවි
නපුරු උන්ගෙ රලු වදනින් තටුද බිඳේවී
මට නපුරයි දැනෙන්නේ රත්තරන් පුතේ

වන බමරුන් රගපුවාවෙ
වසන්තයත් ගෙවිල යාවි
නුඹට හැකිද දවසක සිරිපාදෙ වඳින්න
මං නැතුවත් හිනාවෙයන් රත්තරන් පුතේ