තනිව ගැයූ ගීතේ
එහා ඉවුර තෙක් ඇදෙයි ඔහේ
යුග ගීයක පද නොවැ බැඳුනේ
ගං දෑලේ
ඇන්නෑවේ
හැන්දෑවේ
සංකාවේ
කුමුද සොයා සීතේ
සැපෙ මතින් මත් බමරු ඇදේ
උන් සීතලේම රොන් ඉරුවේ
උන් නෑනේ
මං වාගේ
හැන්දෑවේ
ගී කීවේ
තනිය මැකී යාදෝ
සෙනේ සිතින් නෙත් ඉමේ රැඳී
ආ මාරුතයට මුසුවීලා
ලංවේදෝ
දුටු සීනේ
මායාවේ
ඒ සේයා
මායාවේ