එම්දෝ නැද්දෝ

එම්දෝ නැද්දෝ
හිත ගිඩිගිඩි ගායි
මොනවා වෙද්දෝ
පය සටසට ගායි

කවුරු හිඳීවිද දන්නේ නෑ
බැනලා එලෝවිද දන්නේ නෑ
මටද මෙලෝ දේ තේරෙන්නේ නෑ

එම්දෝ නැද්දෝ
හිත ගිඩිගිඩි ගායි
මොනවා වෙද්දෝ
පය සටසට ගායි

වෙනදා වගෙ හිත හැල්මේ නෑ
පුරුදු විරාමය දැනුනේ නෑ
ඈද හිඳීදෝ දන්නේ නෑ

එම්දෝ නැද්දෝ
හිත ගිඩිගිඩි ගායි
මොනවා වෙද්දෝ
පය සටසට ගායි

හිතට විවේකය තිබුනෙත් නෑ
ඇයව බොහෝ කල් දුටුවෙත් නෑ
කරුණු කෙසේ වෙද හිතුවෙත් නෑ

එම්දෝ නැද්දෝ
හිත ගිඩිගිඩි ගායි
මොනවා වෙද්දෝ
පය සටසට ගායි