මාමුනියේ

අවිචාරෙන් අහලා අවිචාරෙන් ඇහිලා
යුග යුග යයි ගෙවිලා අඳුරම එයි පෙරළා
මාමුනියේ………………
මේ රට ඔබේ නොවේලූ
වැඩ සිටිය රටත් වෙනලූ

නොරටුන් ලියා කියාදී
උගතුන් වෙලා කියෝවී
යතිවරු පවා මුලාවී
මහ උන් බලේ සොයාවී
මාමුනියේ………………
මේ රට එදා කැලේලූ
අප ශිෂ්ට වෙලත් නැතිලූ

පරයන් තොසේ වැඬේවී
මිහිමව කඩා බෙදාවී
මහවුන් අපේ නොවේවී
අවසන් රකුත් මියේවී
මාමුනියේ………………

දැන් රට අපේ නොවේලූ
වෙන යන්ට රටුත් නැතිලූ