සුපණී ගීතය

තරුමාලේ සඳෙන් මුදා- පුරපෝදා බඳින්නෙපා
සූරියකුල රකුන් සඳුව- නොදැක ඉඳීවී
සුර මානේ සරන්නෙපා- පිනි යාමේ රගන්නෙපා
මෝරිය කැල රවුලූ රජුට- නඩුත් කියාවී
ලකලූ උකුලූ මුකුලූ සිනා තඹුරු වනය පුබුදු කලා
කැකුලූ දොතලූ මටලූ සලා ලකම ලකය එකලූ කලා

දිගු වරළස බන්දා හිරු මාලය බැන්දා
ගුරුලූ නෙතට පෙනෙන දුරක සීමා ඉර ඇන්දා
උරබාහුද රන්දා රණ සේලය අන්දා
සටන් බිමට කෙසරු දෙනකි ඈ රාවන වැන්දා

සටනට ගෙන කැන්දා සුරපුර ගිනි බින්දා
ගතට අතට පයට සවිය පාලා පිමි පැන්නා
අසුර බලය හන්දා පැරදී නෑ දින්නා
සිතට එඩිය බොහොම දැඩිය ආවා දද බන්දා

කතලූ පුරේ දෙවොල් බෙරේ වඩවඩ හඬවා
අනුර පුරේ එනව බොලේ යතුරක මොනරා
දුටුව කලේ අරිටු කැලේ යනවලූ පසුබා
ඇයයි හෙලේ සුපණි බලේ රිවිකුල සුරඹා