මල් පිපුනොත් ගුටිකමු

මල් පිපුනොත් ගුටිකමු
අපි පිපුනොත් මල් ගුටිකමු
ගුටිකමු අපි පිපුනොත් මල්
මල් පිපුනොත්

පාදලෝල බ‍්‍රහ්මදත්ත
පලොල් කැලේ මල් පිපිලා
සීතාපති රාම වගේ
සිටින්නෙපා මල් පිපිලා

නුඹයි කෝල මමයි ලෝල
මගේ හිතෙත් මල් පිපිලා

නුඹයි කෝල මමයි ලෝල
මගේ හිතෙත් මල් පිපිලා
මල් පිපුනොත් ගුටිකමූ අපි
මල් පිපුනොත් ගුටිකමූ අපි

සක් රජ්ජුරුවන්ට බයවෙලා
මං ඉන්නෑ ඇස් දෙක පල්ලා
ඔය අත මට ලැබෙනවා කියලා
මං දන්නෑ කිව්වද කියලා
අහෝ

දඬුමොනරේ කුලියට දීලා
මං එනවා පරකුසිනාටා
සෝණාටත් කහවණු දීලා
තනියට ලග තියනවා නැතිදා

අහෝ