රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලා
බටදඬු කඳුවැටියෙන් පැන මුරගා
දණ්ඩනාථ වර
ගුගුරා හඬගා මුරගා දෙදරා සිව්කොණ හෙණ පුපුරා
පෙරැළි කැලතී පුපුරා සුණුවී මහමෙර ගෙන සොලවා
කැලතී වියැලී හුණුවී දියැවී ලෝදිය ගෙන නටවා
වර මා මිතුරා නසනට සතුරා පෙර ලෙස හඬ නගලා
දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර දණ්ඩනාථ වර
වරවරවරවරවරවරවර
ලග්ගල ලොග්ගල අට ඉස්බක් දුර
මංගල මංගල සුබ නැකතින් පැන
මාතුල රට රණමුරයේ අබිමන
දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
යකුනි වර
එකම වරක් දුනු දිය ඇදලා
පන්න දමව් පන්නා පන්නා
සයුරෙන් එතෙරට පර හතුරෝ
නුඹට පමණි හැකි නුඹට පමණි හැකි
සුන්කර බුන්කර මිසදිටු ගැති පෙළ
සුන්දර පෙම්බර මා සිරිලක තුල
රාවන යුගයක් ලංකර ලංකර
අවසිංහළ කැල නෙරපා හැරපිය
දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
යකුනි වර
උරුමෙ කරුමෙ නොව හෙළදෙරණේ
තරම තවම නැත පෙන්නාලා
කැතිගා කඩුගා පෙතිගහලා
මෙහෙය දැන්ම අරඹපියකො යකෝ
කුඩුකර හුණුකර පරබලූ ගැතිකම
නසපිය නසපිය ළක වනසන කැල
අවසන් සතුරත් මරලා දාපිය
ලංකා තලයම පිරිසිඳු කරපිය
දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
යකුනි වර
උඩට උඩුවියන් පාවඩ පයට අතුරුවා
සුවඳ මදාරා පංකජ දෙපස සැරසුවා
පිරුණු අතලයෙන් අනොතත දියර විසිරුවා
බැඳිමි රන් තොරන් යහනට කුමරු වඩිනවා
දෙපස කුඹු නෙළුම් යහනෙහි දෑ සමන් හොවා
සුවඳ තුවරලා චන්දන ධූම පතුරුවා
රනින් රන් හුයෙන් මාලා රිදී කැන් පොවා
තොසින් සැරසුවා කුමරුන් තුටින් වඩිනවා
ගෙලේ රන් රිදී මාලා දෙකන කඩුක්කන්
ඉසේ මුතු මැණික් එබ්බූ ඔටුනු දැන් බලන්
තොසේ ඇඳි ලෙසින් නළලේ ඉන්ද්‍රචාපයන්
ලෙසේ පැරදි දැන් කුමරුන් අසළ මහබඹුන්
ඉණට රන් සලූ දෙවුරට රන් රිදී දුනූ
උරට හී පිරූ කොපු දෑසින් විරූ පිනූ
ළයට මහමෙරූ හිස මත තුටින නුඹ දැරූ
දැයක මහවිරූ විලසයැ රුපුන්ගේ මරූ
මුවේ අඩ හසින් ඔද තෙද ගුණය මවාලා
නෙතේ විදි කැලූම් තියුණුව සරය මුදාලා
නැබේ දී ගිගුම් මේ කුළු වරළ එතීලා
දැයේ බර උරෙන් දෙවුරට තුටින දරාලා
දකිමි තෙද පපා කුමරා අසුන මත අරා
කියමි දැන් වයා නුඹෙ ගුණ ගොතමි කවි කරා
රකිමි සවියතා නුඹගේ උපන් බිම පුරා
වඳිමි අණසකා දඩනත ළකම සිහි කරා
හා ඩෙන් ඩෙනාන ඩෙනාන ඩෙන නා ඩෙන ඩෙන්නා