පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේ
පලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේ
අනගත අගත චතුදිශ සඟසතුය කලේ
බුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ
මඩුකශ ලියේ පුගියන මහ නැවක නැගේ
ශමුදහ ශුමන වයඹින් බල කනශ පුරේ
මහරඣ ගමණි විවරණ ලද පචින ඉමේ
දශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ
ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේ
රුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේ
ශොම මලි කොතන නුඹෙ බතිකන අසනු මැනේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ
මචුඩික රඣහ මරුමකණය නගහ වුණේ
උහු රඣ පුතහ පුත කකවණ තිශහ ලිණේ
මක්‍ධිමහ පුතශ කපකරණියෙ සිහළ දැයේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ