පලේ සිමන්ඩුවේ මඩොල්සිමේ පාලි සිමන්තයේ
බලේ රකුන් පෙලේ හෙලේ ලියා තැබූ තෝම්බුවේ
සිලේ වසන්නනේ කෙතේ උදා ගිනේ ගිගුම් නැගේ
බොලේ සටන් කලේ සෙනේ නිසා දැයේ පුරාණයේ
කලගුණ දනිමී ඇසළ පෝයටම එමී
එනතුරු ගනිමී දවස පාන්දර එමී
පෙරහර ඇසුණී ඇසුණු මග දිගට එමී
නෑගමන් යමී යමං පෙර දමින් බැඳී
කනට සුපුරුදුයි වගේ මගේ මේ දෙවොල් බෙරේ
නදින් දුරක ගුම් දුනී අගේ කියාපන් මලේ
හිතේ මහමෙරක් වගේ බරක් ඒ නදින් මැකේ
ඒත් මා කදිර පුරේ සොයන වෙන දෙයක් ඇතේ
පොරණ කතාවක් වගේ හිතේ හීනයක් තිබේ
අපේ වීරකම් සදා කදිර පුර බිමේ ඇතේ
හිතක තිබුණු මනලොලේ අගේ තෙල්මෙ නටනවෝ
බලාපන්කො අල්ලනා අඩව් මේ නොවෙද යසේ
කියාගන්න නම් බැරී රහක් නැටුමෙ ඇත රැඳී
ඒත් මා කදිර පුරේ සොයන වෙන දෙයක් ඇතී
වඩිග පටුන වෙස් නටා නටන කාවඩිත් යසේ
රබන් ලීකෙලිද වැදී නැටුම් යුග ගනන් පිදේ
රූණු කිහිරි දාගැබේ අසළ රුවට සිත් ඇලේ
කදිර දේවයන් සිටී එයද සිහිනෙ නුඹෙ මලේ
එතැන පමණකුත් නොවේ දෙවියො ඌවටම පෙනේ
ඒත් මා කදිර පුරේ සොයන වෙන දෙයක් ඇතේ
සවත් බලය හා දෙවොල් බෙරයද නැටුම් සමානා
තවත් මොනවදෝ කියාගන්නට තිබෙන මනාවා
පොරණ පරසතුන් නසා කරපු මහ සටන් තියේ
එදා වීරයන් වුණේ ඌවෙ මීමුතුන් අපේ
අන්න ඒ මුතුන් මගේ සටනට රැස්වුණා මෙහේ
දෙවොලෙ මා මෙතෙක් වෙලා සෙව්වේ හුස්ම මගෙ දැයේ
එදා දවාලපු බිමේ ආයෙත් ඉපදුනා වගේ
එපා දවාලනු සදා ඌවයි නිවන සිංහළේ