සක්වස් ගීතය

ශක‍්‍ර-
දෝරෙ ගලද්දෝ දොලක් දෝ- දොර දොර කරුණා දෝරේ
සාර සුරින්දෝ සුරිඳෝ සුර පුර සුර නා සුරිඳේ
දසදම් රජ කරන උපා කලකම් පලදෙවන කතා
සදහම් ගුණ වරුණ පපා දියදම් සත සෙතට බෙදා
ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා
හිමියනි නෙතු ගැටෙන ඉමේ රැකවල සදමී
කරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමී

වශ-
සෝක ගඟක්දෝ සුආසූ- සවසත දසතේ සෝ සෝ
අසුර අරින්දම අසුරෝ අශපුර අසුරන් රජිඳේ
සඳකත් මිණි කුලය ලකේ නිති සිල් වශ පෙලට දැනේ
හිසට ඉඹුල් කොල සුවසේ ගතට කොහොඹ කොල ගුණදේ
රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
හිමියනි ගත විරිය වඩන් සාත්තු කරමී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

ශක‍්‍ර-
සඳය සුදෙව කුලේ බලේ මේ සඳවත සක‍්‍ර පුරේ
දීපංකර පළොල් මුලේ චාමර සලමී
සතපා පඬුපුල් අසුනේ සඳුන් ගල්වමී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

වශ-
හිරුය කණශ කුලේ බලේ මේ දිනකර අසුර පුරේ
කෝණාගම දිඹුල් මුලේ පා පිරිමදිමී
නහවා වළවේ ගඟුලේ තුටින් රැකගමී
නරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

ශක‍්‍ර-
ලෙන්ගතු හෙළ ගුණේ අගේ මා සක්දෙවි බුදුනි ඔබේ
පා කමලේ සිරස තබා දිව්රා කියමී
ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී
දියනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

වශ-
පෙළපත හෙළ අසුර ගණේ මා වසවතු බුදුනි ඔබේ
පා කමලේ දොහොත් පුදා දිව්රා කියමී
ආයෙත් ඔබ දෙසූ ලෙසේ සටනක් නොවෙතී
ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

දෙදෙනා-
දෙපසින් අප දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-
ලෝනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

ශක‍්‍ර-
සදාහරිත නිල්ල නිලේ – නිලේ නිල්ල සිඹින නලේ
ගෝතම මුනි සිරුර රකින ජීවය පිඹපන්

වශ-
රැයේ පින්න නොමැති ලෙනේ- ලෙනේ ඉන්න කෙසරු ලෙසේ
ගෝතම මුනි සිරුරෙ සවිය යලි පන ලබපන්
සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

දෙදෙනා-
දෙපසින් අපි දෙදෙනා වෙමු රකිනෙමු පන සේ-
සුරනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

ගුණකඳ පිරිනිවන දවස මෙදින නොවේවා
රන්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
පින්කඳ පිරිනිවන දවස මෙදින නොවේවා
එකසිය විස්සට දෙසියක් ආයු වැඬේවා
පන්දහසක් කල් සාසන සවිය රැකේවා
තිස්දහසක් කල්ප බලෙන් රෝග නැසේවා
සියදහසක් බුද්ධ බනෙන් රැකවල වේවා
විසිනහුතක් සුතුර ගුණෙන් දුකක් නොවේවා
අටපදුමක් නිවන් බලෙන් අසල රැඳේවා
මුනිනා අප බුද්ධ පුතේ යන්නට නොදෙමී

වශ
සව් සතට සෙත් කල- එමුනිතුමන් ගුණ දසබල
මහැදුරන් රකිනට යාග කරවා වඳිම් දසබල
ආ……………………………………………………
වස
උතුම් මුනිඳු අප….. රකිනට හැම විට…..
සතර හෙලේ දෙවී…. යන් රැුකවල වට……
සක්
මෙවැනි යතිඳු රෝ……. දුරලන දින අද ……………
කියන යාග කවි……… ගෝතම මුනිඳුට…….
වස
දෙගුරුන් සිහිකොට…. මහ මුනි සිරි දෙන…
වැරදි නොවන සෙත…….. යාගෙට මුල ගෙන……..
සක්
යතිඳු දැයට කල….. අපමණ කල ගුණ…….
මුනිඳු නමට පන….. දෙමි මුනි රකිනට…….
දෙදෙනා
තෙන තෙන තෙන තෙන නා තෙන තෙන තෙන
වස
බල මහ සිවු බඹු සතර අතට සිට- පනවා අණ රැකවල් සදවා වට
අද අප මුනි සඳ ගතට සුවය දෙන- තනවා යාගෙට දල්වා එළි වට
සක්
මහ සඟරුවනට පනවා ආසන- දෙගුරුන් කුළ සතරම කැඳවාගෙන
මෙලෙස අරඹමින යාගය සුව දෙන- රජිඳා අවසර මුනිඳුනි ගෝතම
වස
පෝය වෙසක් මස උපතය හෙළයේ සතරවරම් රැකවල මය රැදුනේ
දේව අසුර නා හැම කුල බලයේ මාගෙ බුදුන්නේ අනුහස සැදුනේ
සක්
පාත්තරේ සෙල් තනවා පුද කල ඒ ගෝත්තරේ අද එක මුනිඳෙකු යට
පාන්ට පිරිනිවනට අද නොව දින ශාන්ති නායක නැති ලක කුමටද
වස
මල් යහනක් ගෙන ආතුර රෝ බිඳ පින්බර මුනි සඳ සුවයක් ලැබගෙන
බැල්ම හෙළන මල ආඬි කොටන වින පින් ඇති ගෝතම බලෙන් දුවති පැන
සක්
ඇන්දා චීවර සසුනක් තනවා බින්දා පෙර කල මත් ඇතු මොනවා
ගණනිග කෝටිය සීලය රකිනා හින්දා අප මුනි යයි දොස ඇරිලා
වස
බුදුදම් සඟ සරණ හෙළයේ පලන්දවා සිවු රඟ සමග සැම රජ පවුර බඳිනවා
ඉඳුනිල් දෑස රන්පා පද්ම දිදුලනා මුනිඳුන් වඳින් බල යස ඉසුරු ඉතිරෙනා
සක්
හිසේ තිබුණු වස් සුඹුලක් රෝ දුක යකෝ පලච්චේ හිරු දුටු පිණි ලෙස
ගතේ ඇති රුජා වියැකෙන් මර අණ භූත පිසස් බල නැසියන් තිර ලෙස
වස
දකුණු හිස ඇස දකුණු කම්මුල දකුණු උරහිස රෝ ගතී
දකුණු ලක ඇති මුහුද කළඹා දකුණු සයුරෙන් පල නිතී
සක්
වමත හිස ඇස වමත කම්මුල වමත උරහිස රෝ ගතී
උතුරු ලක පිස සුළං අඹරා බරත පෙදෙසින් පල නිතී
වස
දකුණු කෙණ්ඩය බොලට විළුඹය පතුල පසැඟිලි නිය හදී
දකුණු පැත්තෙන් රෝග උදුරා අහස් ගව්වෙදි ගිනි වදී
සක්
වමත කෙණ්ඩය බොලට විළුඹය පතුල පසැඟිලි නිය හදී
වමත පැත්තෙන් රෝග උදුරා මුහුදු පතුලෙදි සුන් වෙතී
වස
දකුණු පෙනහලූ උදර පීඩා කටී රෝ දුක උගුලූවා
දකුණු ගිරි හිස ලකෙහි බලයෙන් දවා මැකියන් සුව දෙවා
සක්
වමත පෙනහලූ හර්ද පීඩා කොන්ද රෝ දුක උගුලූවා
උතුරු හොරගිර ලකෙහි බලයෙන් දවා මැකියන් සුව දෙවා
වස
සිරස වරළස දෙබැම මුව කන ගෙලට ඉහළින් රෝ මුදා
ගිරග සමනොළ පාද ඇති තෙක් නැවත ලක වෙත නොඒ සදා

සක්
බුද්ධ බුදුගුණ බුද්ධ බලයෙන් බුද්ධ සිරුරට සුව ලබා
සිද්ධ මහබිය දේවි සරණින් සුවය ලැබ දෙන් දොස් දවා

වස
කර්ණ කණපෙළ කණ්හ ගොත්බල කණ්හ හෙළ බුදු සුව ලබා
සිද්ධ මහසෙන් දේව සරණින් සුවය ලැබදෙන් දොස් යවා

සක්
ශමුද සාගර බ‍්‍රහ්මදත් බල ශමුද සක්විති බල ලබා
සිද්ධ සුරරජ ඉන්ද්‍ර බලයෙන් සුවය ලැබදෙන් දොස් දවා

වස
ගඳඹ මජ්ඣිම ශිවගෙ ගොත්බල දත්ත ශිදටය බල ලබා
සිද්ධ දුහතර ගඳඹ බලයෙන් සුවය ලැබදෙන් දොස් යවා

සක්
අස්ස තුඩුවෙන් දොරටු වැටියෙන් යාන් ඔය තෙක් අණ ලබා
සිද්ධ දෙව්ගබ කුවිනි බලයෙන් සුවය ලැබදෙන් දොස් දවා

වස
අලවි අලකා ජාතභූමී විසාලා සිහ අණ ලබා
සිද්ධ දිපරජ දේව බලයෙන් සුවය ලැබදෙන් දොස් යවා

දෙදෙන
අන්න එහෙමයි ඔන්න ඔහොමයි මෙන්න මෙහෙමයි හෙළ බලේ
සුද්ධ සිංහෙළ රුහිරු බලයෙන් සුවය ලැබදෙන් දොස් දවා