ජවේ ජංඝ අසිනි සැරේ සඳට උඩින් පනින පිම්ම
වළා තුලින් මුහුණු මැවේ අසුර රක්ඛ නාග යක්ඛ
මහාරථිය දනුග ඇණිය ලෙලෙන දිලෙන සිහළ කොඩිය
නිලේ තිතට නෙතේ ඉමට මලේ සැරට ඉවේ සවිය
අහසින් හෙළනා වැසි බිඳු නවතා
වැව් බන්දා දිය රන්දා අස් වද්දා සුව වින්දා
පොළවෙන් නැගෙනා සැම ගුණ රඳනා
තුර කම්සා ගුණ නොනිමා සිත පොබයා ගත රන්දා
යුග යුග පොරණා අබිමන රැකුණා
පරසතුරෝ සැම නැසුවෝ ලොව ඇසුවෝ අප දැනුමෝ
හිරුගෙන් උරගා සඳදිය කලතා
ගුණ රැඳුනෝ බල වැඩුනෝ රස දැනුනෝ පණ රැකුණෝ
සක් හඬකට අසුර සැණේ මුරට පෙරට එන්ට පොරේ
අසිපත් ලෙලදෙනව යසේ ගොඩවායෙන් නැවට නැගේ
තණමල්විල රහස ඉණේ උත්තර ජවනයට දැනේ
එක් අණකට එක් රටකට හෙළයට තුන් ලොවම නැවේ
රාජපුත්ත ගොතම කණ්හ වීර තේජ කම්ස බුක්‍ධික
රෝජ රක්ඛ චාග චක‍්‍ර ශුක‍්‍ර ශිඛ‍්‍ර ඉන්ද්‍රඛීල
ජාතුකර්ණ ජාරෙකණ්හ පොරණ පුරන නාග කණ්හ
මාතෘභූමි කම්ස භෝග තිලොව තිනෙත විජය පත‍්‍ර