කාලි දිවංගනියේ

කාලි දිවංගනියේ
ගල්කුළ මත හිඳ
කළහෝ මුවදොර
හඬනු එපා
හඬවන්න එපා

අසිපත දිලුන පුරේ
පෙළපත සැඟව ගියේ
වේලාපුරයේ තනිකම පමණයි
විඳිනු එපා විඳවන්න එපා

එඩිතර සොයුරු සෙනේ
රණබිම මිලින වුණේ
දෑ හිත වඩවා හෙළබිම සුරකින්
රිදෙනු එපා රිදවන්න එපා