දෝදස අම්බරී

දෝදස අම්බරී මෝරිය නර්තනී
ගගනේ ඉඳු අගිනීපස සුසැදී සමග රගන්නේ

මාලව මාලිනී

දීපංකර පාරේ කපු හේනේ තෙතගු ගයන්නේ
තෙතගු තෙතගු තෙතගු තෙතගු
මාමිනි මාමුනී කාලිසවාසිනී
වරලේ ජටාමකුට හතර අතට නෑගං යන්නේ
බාදුරු යෝගිනී
වනමන්තර දේවී සිත් ඇතුලේ ජපකරලන්නේ

සූරිය චන්දිර තාරක පන්තිය
අපලේ බල බිඳලූ මිණි අහුරූ නේත‍්‍ර තබයි
සීහෙළ ඈ කලී පතිනිය ආ මෙනී
මේ දැන් ඇගෙ වාරේ බව තේරේ කනට ඇසෙයි
දුකඳුරුවූ මෙනී දෝතලූ පීදුනී
ඝන තන්තර සේවේ අප සැමගේ සිහිකරලයි
සූවිසි පාපිණි බාරහ බේරති
සසරේ පුරා සරණ අදිසි අතක් රැකවල් දෙයි

වාහ පණක් ගෙන වෙසමුණිගේ අණ
දෝස නොවන් බල හැන්දෑ සමයම
පාන තියන් වර තිස්පෑ නටමුද
ආයු සියක් ලැබ බඹර බමන හෙට