හීරණ්යෝ කශබෝ

හීරණ්යෝ කශබෝ
දීතී සංයෝගෝ
අසුරන් අසුරා රෝහණ රුහිරා
සටනින් සටනා රණමත් කරනා
අක්මට රිදවන කතන්දරේ
හුස්මට ගිනිගත් සනුහර ලේ
දානවයෝ සිහළෝ

හීරණ්යෝ කශබෝ

උග‍්‍රා බවුන් වඩා නිද්‍රා නෙතින් මුදා
අග‍්‍රාපල ලද භද්‍රා යෝගී
වරමා බ‍්‍රහ්මා ජප ජප බ‍්‍රහ්මා
මන්ත‍්‍රාමන්ත‍්‍ර කලා

දියෙත් මැරෙන්නැති ගොඩත් මැරෙන්නැති
පිටත මැරෙන්නැති නිවසෙත් නොමැරෙන
අවියෙන් නොමැරේ සතුන්ද පරදී මිනිසුන් හටද බැරී
දහවලෙ බැරියෝ රැ පණ සවියෝ
හීරණ්යෝ කශබෝ

හිරණ්‍ය යක්ඛා ලේ බැඳි බතිකා
නැසුවේ කුමටා ඌ මොන සුරයා
වරාහ හතුරා වර වර ඌරා
මන්දට පල සසරේ

හොලිකා කුමරී පුලමන කුමරූ
නැසුවේ එකසේ බොරුවම පතුරා
වරාහ හතුරා වර වර ඌරා
දැවි දැවි හිටු සසරේ

අන්දක කල්නෙමි අහලද සහලද සීවී වස්කලයෝ
වේපචිත්ති ස්වරභානූ රාහූ නහූත මහ අසුරෝ
මැරුණත් මුහුණට සටනින් පමණය නැත නැත වංචාවෝ
අබිමන රක්ඛෝ අසුරෝ යඛ්කෝ නාගෝ සිංහළයෝ

හොරණින් අණ පතුරා හිරණින් නැබට නගී
අසුරන් වියුහ සැදී මඩාටුගමදි බසී
රකිනා නීති යුදේ සටනට අභිමානේ
පෙරමුණෙ ගමන යසේ ඔද තෙද ජවය දැඞී