භීමරකුන්නේ…. ඥාතියකුන්නේ….
මීරුක්පල්ලේ… හෙවනේ වරෙන්නේ…
කාලේ ගෙවෙන්නේ…. කල්පේ ලෙසින්නේ….
නෑර නොයන්නේ…. වාරේ බොලන්නේ….
සැහලා බාරංගේ – මැඩුවන් විල් ගජිදේ
බමවා චචර චකේ- බුජවන් බූපාලේ
බාන් කරන්නේ කවදා කවුරුද භානු කුලේ
වාන් දමන්නේ මෝසම ආ විට වාපි හෙලේ
නාගරයෙන් ලී පෙළ බසෙකින් කී දෝතට මන්තර මතුරාපන්
කාලිබුරුණ්ඩි බස්නාහිරයෙන් මූණට මූණක් අමුණාපන්
නිමාව කොතනද ඇරඹුම එතනයි ගුරුලට නැකතක් ගලපාපන්
දෑතට පන්දම දෙකොන විලක්කුව වස්දොස් හරිනට මුරගාපන්
බාන් කරන්නේ කවදා කවුරුද භානු කුලේ
වාන් දමන්නේ මෝසම ආ විට වාපි හෙලේ
රාහු සුරින්දේ රෝ අසුරින්දේ
රාවණ අත්තේ නෑ බිය සත්තේ
වීදිය බැන්දෝ යාග නටන්නෝ තුරකින් තුරකට පාර කියන්
මේ කුලු බින්දෝ මහමෙර සැලුනෝ ගිරගින් සක් හඬ පතුරාපන්
අහසින් වැඩියෝ පොළොවේත් සිටියෝ තුරඟුන් පිට නැග සූදානම්
තාලම වැන්දෝ කාලම පිම්බෝ හෙළ අවනද්දෝ හඬවාපන්
බාන් කරන්නේ කවදා කවුරුද භානු කුලේ
වාන් දමන්නේ මෝසම ආ විට වාපි හෙලේ