බලා සිටියා දෑස රිදෙනා තුරා
ජනීජනයා දෙපස ඇදෙනා වීදියේ
මදෙස බලනා තුරා
මගේ ලේන්සුව සුරතට මිට මොලවා
මගේ ලේන්සුව මගේ ලේන්සුව
මගේ ලේන්සුව මගේ ලේන්සුව
ඉවත ගියෙ නෑ අනෙක් අයගෙන් මිදී
එක වරක් හෝ සැමට රහසේ
මදෙස බලනා තුරා
මගේ ලේන්සුව පොඩිකරමින් සිටියා
මගේ ලේන්සුව මගේ ලේන්සුව
මගේ ලේන්සුව මගේ ලේන්සුව
ගැණුම්කරුවෝ විටින් විට පැමිනෙනා
උන් සැමට මා මුනිවතම පා
දහදියහෝ නොපිසා
මගේ ලේන්සුව මට දිරියම දෙනවා
මගේ ලේන්සුව මගේ ලේන්සුව
මගේ ලේන්සුව මගේ ලේන්සුව
ලොවම දුටු මා නුඹට අගයක් නොවී
හදගැස්ම මා පිපාසිතවී
සුසුම් සුළගේ ඇදේ
මගේ ලේන්සුව තනිකම දුරලනවා
මගේ ලේන්සුව මගේ ලේන්සුව
මගේ ලේන්සුව මගේ ලේන්සුව
ලොවම බිඳිලා දෙපා මුලට වැටුණා
ඇය පැමිණි විට මා පැරදුණා
පලමු පැරදුම ලබා
මගේ ලේන්සුව නොදැනිම බිම වැටුණා
මගේ ලේන්සුව මගේ ලේන්සුව
මගේ ලේන්සුව මගේ ලේන්සුව