සාගරේ රැලි නැගිලා

සාගරේ රැලි නැගිලා
හෝ හඬින් විසිරෙනවා
රෑ වෙමින් හිරු ගිලෙනා
මාරුතේ බෙර වැයෙනා
ආයෙමත් රැවටෙන්නේ
නෑ මං……

සෝ සුසුම් දිය කෙරුවා
කෝලහල නැතිකෙරුවා
වීදියෙන් පිටවූවා
නෑසියොත් වෙන්වූවා
මේ ලොවේ රජවෙන්නේ
මා දැන්….

පා මතින් සිටගත්තා
වාරුවත් දැනගත්තා
ජීවිතේ විඳගත්තා
මීවිතෙන් මත්වූවා
හා හොඳයි තනිවූවා
මා දැන්….

කාලයත් ගැන ගත්තා
මෝහයත් බිඳගත්තා
ලෝකයත් යලි විමසා
පාඩුවේ රස වින්දා
මේ භවේ සැනසෙනවා
හා පුරා……

ගීතයත් යලි තනනා
නාදයත් හිත වැදුනා
ගේයපද මම ලියලා
තාලයත් අමුනනවා
මා සෙවූ ඒ ගීතේ
මේ තමා……

සාගරේ රැලි නැගිලා
හෝ හඬින් විසිරෙනවා
රෑ වෙමින් හිරු ගිලෙනා
මාරුතේ බෙර වැයෙනා
ආයෙමත් රැවටෙන්නේ
නෑ මං……