මේ ඇය නොවෙයි
ඇය නොවෙයි
මා දනිමී
සඳපාන මා සෙවූ
වන අරණ නිහඬවූ
මල් උයන සුවඳ වූ
ඒ ඇය කොහේදෝ
මේ ඇය නොවෙයි
ඇය නොවෙයි
මා දනිමී
ගුරුපාර ළග රැඳී
එනතුරුම නෙත් රැඳී
සුව යහනෙ සරොසතී
ඒ ඇය කොහේදෝ
මේ ඇය නොවෙයි
ඇය නොවෙයි
මා දනිමී
ගිම් නිවා මා සිඹී
තුරුලේදි හද පිනූ
මිණිකිකිණි සිනහවූ
ඒ ඇය කොහේදෝ
මේ ඇය නොවෙයි
ඇය නොවෙයි
මා දනිමී
වෙන කාගෙවත් නොවූ
මගෙ ලෝකෙ අබි වුණූ
පාදපරිචාරිකා
ඒ ඇය කොහේදෝ
මේ ඇය නොවෙයි
ඇය නොවෙයි
මා දනිමී