සාගර පතුලේ ගල්පර අතරේ
මුතුකැට බෙලිකටු තුළ සැඟවේ
මම දනිමි සයුර ගැඹුරුයි
සයුර ගැඹුරුයි….
වනතුල මිහිරේ අරුතක් කියැවේ
කස්තුරි නබ ගැබ තුළ රැඳවේ
මම දනිමි වනය නිහඬයි
වනය නිහඬයි….
මිහිමත පතලේ මිණිකැට සැඟවේ
මෙහෙයකි මතුකර පැළඳ ගැනේ
මම දනිමි භරණ දිදුලයි
භරණ දිදුලයි…..
හද තුළ ඉපිදේ රහසින් වැළපේ
හද ගැබ සිතුවිලි සැඟව යතේ
මම දනිමි මහද දුබලයි
මහද දුබලයි…..
සාගර පතුලේ ගල්පර අතරේ
මුතුකැට බෙලිකටු තුළ සැඟවේ
මම දනිමි සයුර ගැඹුරුයි
සයුර ගැඹුරුයි….