අහිමිවූ මන්දිරේ…

සිටා සිටා
සිටා සිටා

අහිමිවූ මන්දිරේ…
පවුරු තව ඔසවා
මටම තහනම පනවා
ඇයි රජෝ….
කුසට ගිණි පිඹලා
තවම කිරි එරෙනා……

කාසි ඇසුනා එදා
කුසට ගිවිසුම් ලා
ලොවට රහසේ සිටියා
මොන විනේ….
කුසින් නිදහස් මා
හිතෙන් නිදහස් නෑ…..

ඇයි රජෝ….
කුසට ගිණි පිඹලා
තවම කිරි එරෙනා……

ගෙපැල් කැපුවා අපී…
සිහින හෙළි කෙරුවා
මවක සෙනෙහේ ගැනලා
එකතුවී….
රැහැන්පොට කැපුවා
තවම වැලපෙනවා….

ඇයි රජෝ….
කුසට ගිණි පිඹලා
තවම කිරි එරෙනා……

සරණ කොතැනද නැතී
වන්දි හද ගෙවතී
කිරට අඬනවා ඇතී
මගෙ රජෝ…..
එක වරක් ඉඩ දී
යන්න දෙනු කිරි දී…..

ඇයි රජෝ….
කුසට ගිණි පිඹලා
තවම කිරි එරෙනා……

අහිමිවූ මන්දිරේ…
පවුරු තව ඔසවා
මටම තහනම පනවා
ඇයි රජෝ….
කුසට ගිණි පිඹලා
තවම කිරි එරෙනා……