ආලයෙ තරමට නාදය මිහිරී
තාලයෙ අනුවම පාදයෙ ගිගිරී
නටන්නියේ……
රඟන්නියේ……
දෑසින් බලලා කියන කතාවට
හදවත ඇතුලේ
අකුණු කොටනවා
මාවම තෝරා ගත්තේ ඇයි….
දාවල ගිනියම නෑ නුඹ තැකුවේ
මා සිටි තැනටම ආ නුඹ දුටුවේ
වසන්තියේ…..
දසන්තියේ……
රහසින් මුමුණා කියන කතාවට
හදවත ඇතුලේ
සුළං හමනවා
මා හද හඳුනා ගත්තේ ඇයි…
සූරිය ගිලිහුණි සාගර පතුලේ
රාගය සන්ධ්‍යා ගී හඬ නැගුණී
වයන්තියේ……
ගයන්නියේ……
ඈතට ඇදෙනා සාරංගී නද
හදවත ඇතුලේ
තැනක් හදනවා
මා හද සතපාලන්නේ ඇයි…..
රෑයම සඳවත සේලය අඳිනා
මා සිත නිදි නැත කෝ නුඹ අසනා
අරුන්දතී….
එරන්දතී……
සෝහිනි වැයෙනා ගාන සමේ මම
හදවත ඇතුලේ
නුඹව සොයනවා
මා ළග නොරැඳී යන්නේ ඇයි….