අද මල් උයනට

අද මල් උයනට ආයෙ වහිනවා
තෙමුනේ මං විතරයි
අඳුරු වලා මත අකූනු හඬනවා
ඇසුනේ මට විතරයි


තෙමුනෙත් මං විතරයි
ඇසුනෙත් මට විතරයි

වෙනදා මල්වැසි කුඩයට හැලුනේ
මෙතරම් රිදුනේ නෑ
තෙමුණු කවදවත් දෑස රිදෝගෙන
මෙහෙම වැස්සෙ නම් නෑ


මෙතරම් රිදුනෙත් නෑ
මෙහෙමම වැස්සෙත් නෑ

පුරුදු වැස්සමයි නුපුරුදු හුළඟයි
වීදුරුවද තෙමුනා
නුඹේ වියලි නෙත දෑස ගැටුණෙ ඇයි
රථය විගස ඇදුනා


වීදුරුවද තෙමුනා
රථය විගස ඇදුනා