පාරුව පදිනා……
මාගේ දාබිඳු හෝ
ඈගේ කඳුලු හෝ
රැඳුනේ නෑ……
ගඟට ගිලී වැටුණා…..
යනෙනා මගියන් මගියන් පමණී
ජීවන ගමනේ…..
හබලේ වීරිය ඇය හෝ මා පමණී
මේ සැඩ ගඟුලේ
පාරුව පදිනා……
මාගේ දාබිඳු හෝ
ඈගේ කඳුලු හෝ
රැඳුනේ නෑ……
ගඟට ගිලී වැටුණා…..
යන්තම් පානක් දැල්වූ නිවසේ
හද ගිනි ඇවිලූ
කිසිදා වදනක් නොදොඩා හිනැහී
ඈ දුක සැඟවී….
පාරුව පදිනා……
මාගේ දාබිඳු හෝ
ඈගේ කඳුලු හෝ
රැඳුනේ නෑ……
ගඟට ගිලී වැටුණා…..
ගඟුලේ මගදී පාරුව නැවතී
ඈ ඉකිබිඳලා…
මහදේ තාමත් පැටලේ බෝ දේ
මේ රුදු ගමනේ….
පාරුව පදිනා……
මාගේ දාබිඳු හෝ
ඈගේ කඳුලු හෝ
රැඳුනේ නෑ……
ගඟට ගිලී වැටුණා…..
එගොඩට යනවා අදටත් තනිවී
මෙගොඩට එනවා….
දෑලේ තනිකම මකනා ඈ රූ
පාරුවෙ රැඳෙනා….
පාරුව පදිනා……
මාගේ දාබිඳු හෝ
ඈගේ කඳුලු හෝ
රැඳුනේ නෑ……
ගඟට ගිලී වැටුණා…..