සුඹුලු දූලි පිස හමනා පාදඩ තනිකමද මැකූ
මගේ ලොවේ උතුරු සුළඟ කිමද සොවින් මේ
මා ඉදිරියෙ වාඩිවෙලා මුහුණ බිමට නැඹුරු කරන්
කඳුලු සලන්නේ
මිදුළට වී හඬනු එපා මල් නොපිපේවී
කුටියට වී හඬනු එපා සඳු සැඟවේවී
සිනා කිකිණි අහුරු අහුරු ඕනෙ සුරලියේ
කුරුටු ගගා පොලව පුරා ඇන්දෙත් මගෙ නමම කියා
හොඳටම දනිමි
දිනපොත නුඹ දුටුවෙ නැතී පිරුනේ නුඹ ගැනම කවී
තවම නොදන්නී
අකලට මහ වරුසාවක් දෙදෙනා වෙත ආවේ ඇයි
මට නම් නොදැනේ
මැද මිදුලේ හඬනු එපා පවුරු බිඳේවී
මටද හොරා මෙතුවක් කී ගීතය මා ගැනම කියා
හොඳටම දනිමී
මහදේ කැටපත් පවුරේ ඇඳුනේ නුඹ ගැනම කවී
තවම නොදන්නී
පොළවට වට වැහිකෝඩෙට දෙදෙනා දෙපසට කරනට
ඉඩ නම් නොදෙමී
තුරුලට වී හඬනු එපා මටද ඇඬේවී