මඳකට නවතින් සුන්දරියේ
අමිළය මිළකර නුඹ දුන් දේ
සඳරැස් නෑවා
සඳදිය යහනේ ඉහිරගියා
සුළඟද කවුලුව තුලින් එබී
උණුහුම හොයහොය රඟ දුන්නා
නුඹ නම් ආ හා
කිසිවක් නොසොයා තුරුලුවුණා
සාලුව දවටා දෑත සිඹී
ආපසු යන්නට හදිසිවෙලා
නුඹ නම් ආ හා
අද නම් මගෙ හිත උමතුකලා
රැයකට පතිනිය මගෙ කුටියේ
මතකය හද තුල ඉතුරු කලේ
මට නම් ආ හා ඕනෑ
ආයෙත් හමුවෙමු අපි රහසේ