ඉරට දැවී

ඉරට දැවී හඳ ඇඬුවා
මාත් ඇඬුවා හඳත් එක්ක
ගම්බාරේ

විළඳ පැණිත් පූජ කලා
මාත් ආවා කෙම්මුරයට
ගම්බාරේ

නොකල වරද නොදැන සිටී
මගෙ ආලය චන්ද්‍රවතී

ගිණි ලෝදිය වැස්සට ඇයි
ඇයව හසුවුණේ
ගම්බාරේ

මගේ උරට හිස තියාන
ඇය තාමත් වසන් වෙතී
මගෙ ආලය කැලැල් නොමැති
හදට අඩු නැතී
ගම්බාරේ